Friday, December 16, 2011

Colombo Night Race ...

රාත්‍රියේ පැවැත්වෙන ස්ට්‍රීට් රේසින් තරඟයක් ප්‍රථම වතාවට රාජ්‍යය අනුග්‍රහය යටතේ කොළොඹ නගර  පැවැත්වුනා. මෙය සංවිධානය කරනු ලැබුවෙ යෝෂිත රාජපක්ෂගේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) හා නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යට හෙටක් සංවිධාන දෙක එක්කාසු වීම මගින්. එ කියන්නෙ මෙකත් රාජපක්ෂ පවුලෙ වැඩක්. මෙම උළලේ සංවිධාන කටයුතු සිදුකරනු ලබුවෙ ඉරාජ් වීරරත්නගේ නැගණිය හා තාරුණ්‍යයට හෙටක් සංවිධනයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන රෙඩ් චෙරි ආයතනයේ හිමි කාරිය වන රිශ්නි විරරත්නයි.

මෙම උළෙල සඳහා ශ්‍රීලංකා ක්‍රීඩා මෝටර රථ පදවන්න්නගේ සංගමය හා ක්‍රීඩා මෝටර්සයිකල් සංගමයෙ සාමාජිකයන් හැරුන විට විදෙස් මෝටර් රථ පදවන්නන් කිහිප දෙනෙක් හා ශ්‍රීලංකාවෙ එකම අන්තර්ජාතික රේසින් ශුරයා වන දිලන්ත මාලගමුවද සහභාගී වුනා.


කවුරු මොනව කිව්වත් මේක අත්තටම සිරා වැඩක්.එත් පොඩි ප්‍රශ්නයක් තිනවා. යෝෂිත සහ නාමල්, මහින්ද රාජපක්ෂගෙ පුතාල නිසා මෙහෙම දෙයක් කරන්න පුලුවන් වුනා. වෙන කෙනෙක් කරානම් මෙහෙම පරවල් වහල මෙහෙම දෙයක් කරන්න දෙවිද? මොකද තම මොටර් රථය පි‍ටු පසට පදවා ගිනස් වාර්තාවක් තැබිමට ගිය ශ්‍රීලංකාවෙ ප්‍රසිද්ද රංගන ශිල්පියෙකුට එසදහා මහා මර්ගයෙ ඉඩ ලබා නොදුන් බව රහසක් නෙවෙයි.


 Related YouTube Videos










Story in photos