- අවුරුදු 18 දී කරපු දේවල් ගැන දුක් වෙනවා...
- ඔබට වටිනාකමක් තිබෙනවා කියල හිතනවද?
- ලබන අවුරුද්දේ විවාහ වෙනවා කියන්නේ ඇත්තද?
- මැරිලා හිටියේ නැත්නම් ජීවත් වෙනවා!
- මම සාර්ථක නිසා මට කතා හැදෙනවා.
උදයන්ති කුලතුංග රගපාන්න දක්ෂ නිසා ඉස්සරහට ආවද, නැත්නම් එයා වටේ හැදුන කතා නිසා ප්‍රසිද්ද උනාද කියන එක නම් ප්‍රශ්නයක්. එත් උදයන්තිනම් කියන්නේ දැන් එය සාර්ථක නිලියක් කියල. අනික එයට කතා හැදුනෙත් එනිසාමලු.
උදයන්ති පුවත් පතකට දක්වපු අදහස් වලින් කීපයක් තමි මේ තියෙන්නේ...
උදයන්ති ජීවිතේ ගැන මොකද හිතන්නේ?
මම නම හිතන්නේ අද නිදාගෙන හෙට නැගිටිද්දී මැරිලා හිටියේ නැත්නම් ජීවත් වෙනවා කියල. මොකද මගේලග ලොකු බලාපොරොත්තු නැහැ.
ගෙවීගිය කාලය ගැන මොකද හිතන්නේ?
මම ගිය අවුරුද්දෙනම් මාසේ දවස් තිහම එක දිගට වැඩ කරා. දැන් රගපෑම ගැන තිබෙන ආසාව නැතිවෙලා. ඉස්සරනම් රගපාන්න ගියාම ප්‍රවීනයන් රැසක් දකිනවා. දැන් නම් දකින්න ලැබෙන්නේ දවසින් දවස අලුත් මුහුණු. එනිසා ටිකක් කලකිරිලයි ඉන්නේ.
පහුගිය කලේ ඔබටත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුඋනා නේද?
මගේ ජීවිතේ දේවල් අනෙක් අයට ප්‍රශ්නයක් උනාට මම හරි cool එකේ ඉදියේ. නමුත් මගේ මුනට කවුරුවත් දෙයක් කියල නැහැ. කොහොමත් පල ඇති රුකටනේ ගල් ගහන්නේ.
කාලෙන් කාලෙට උදයන්තිට කට ගොඩ නැගෙන්නේ ඇයි?
මම රගපාන චරිතවල සාර්ථකත්වය නිසා වෙන්න ඇති මිනිස්සු මට ඒවගේ කතා ගොඩනගන්නේ.
ජනප්‍රියත්වය නිසා මේ දේවල් කියනවා කියලද ඔබ කියන්නේ?
වෙන වෘත්තියක් කරනම් මේ කතා නැහැ. අනෙක මගේ හැසිරීම වෙන අයට ගැටළුවක් වෙන්න ඇති. රගපම ලැජ්ජා බය නැතුව ඉදිරිපත් වෙන්න ඕන දෙයක්. ඒ වෙනස මිනිස්සු බලන්නේ වපර ඇසින්.
ඔබ අතින් උන දේවල් ගැන ඔබ පසු තැවෙන්නේ නැද්ද?
මම අවුරුදු 18 දි කරපු දේවල් ගැන දැන් පසුතැවෙනවා. ගිය දේවල් ආපහු ගන්න බැහැ. අම්ම කියන දේවල් ඒ වෙලාවේ ඇහුවනම් එහෙම වෙන්නේ නැහැ.
ජනප්‍රියත්වයට ගරු කරන්නේ කොහොමද?
මට ජනප්‍රියත්වය තුලින් හොදක් අහන්න ලැබුනේ නැහැ. ජනප්‍රිය වෙන තරමට පෞද්ගලික ජීවිතයක් නැහැ.
ලබන අවුරුද්දේ විවාහ වෙනවා කියන්නේ ඇත්තද?
ඒක බොරු කතාවක්. මට සම්බන්දයක් තිබුනේ නැහැ. මම පුවත් පතකට පැවසුවා ගෙදරින් විවාහ වෙන්න කෙනෙක් සොයනවා කියල. ඒ කතාව තමයි වෙබ් අඩවි වල විකෘති කරලා පළකර තිබුනේ. මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ. මට තනියම ජීවත් වෙන්න පුළුවන්. මට අන් ආදරයක් අවශ්‍ය නැහැ.
ලගදී ටෙලිනාට්‍ය නිෂ්පාදනයටත් අත ගැහුවා කියල ආරංචි?
මම නිෂ්පාදනය කල ටෙලිනාට්‍ය ලගදීම විකාශනය කරන්න තමයි බලාපොරොත්තුව.
ඔබට වටිනාකමක් තිබෙනවා කියල හිතනවද?
වෘත්තීය මට්ටමින් මට වටිනාකමක් ලැබිල තිනවා. රගපමේ හැකියාව නිසා මට වටිනාකමක් තිබෙනවා කියල මම හිතනවා.