- මගෙ පෙම්වතා රංගන ශිල්පියෙක් නෙමෙයි.
- නීතිමය පියවර ගන්න කියල ගොඩක් දෙනෙක් මට කිව්වත් එච්චර ඒ පසුපස එළවන්න මට හිතුනෙ නෑ.

මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන
”ඉසිවර රණකෙළි” ටෙලි නාට්‍යයේ මෙන්ම සිරස රූපවාහිනියෙන් විකාශය වන ”ආදරේ අහස තරම්” ටෙලි නාට්‍යයේ දිනුෂා, චරිත නිරුපනය කරන උත්පලා මධුශානි 2007
වසරේ පැවැති සිරස කුමරිය තරගයේ “ඡවි කල්‍යාණිය” කොටසේ දෙවැනි ස්ථානය
හිමිවීමෙන් පසුව සිරස නාලිකාවම නිර්මාණය කළ “පතිනි” ටෙලිනාට්‍යයේ රංගනයට
එක්වුණා. ඒක
තමයි උත්පලාගේ පළමු රංගනය. "සිරස කුමරිය තරගයට මගෙ නම දාල අයදුම්පතක් යැව්වෙ මගෙ
ඥාතිඅක්කා කෙනෙක්. ඒ විදියට තමයි මම කලාවට පිවිසුණේ. මම කලාවට පැමිණීම තරමක
අහම්බයක්." එහෙමයි උත්පලා නම් කියන්නේ.
මේ තියෙන්නේ උත්පලා පුවත් පතකට දක්වපු උත්පලාගේ අලුත්ම විස්තර ...
ඔබ කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටිනවාද?

ඇයි ඔබේ පෙම්වතා ඔබ රඟපානවට අකැමැතිද?
නැහැ. ඔහුගේ කිසිම අකැමැත්තක් නැහැ මම රඟපානවට. නමුත් මම හිතනව විවාහයෙන් පසුව
රංගනයට වඩා පවුල් ජීවිතයට මුල්තැන දීම සුදුසුයි කියලා.
ඔබේ පෙම්වතා කවුද?
ඔහු රංගන ශිල්පියෙක් නෙමෙයි. හැබැයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ කෙනෙක්. ලබන වසරේ
අග වන විට ඔහු ගැන කියන්නම්.
මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටය තමයි එය. නමුත් ඒ චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන මම දැන් දුක් වෙනවා. ඒකට හේතුව තමයි ඒ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩ කටයුතුවලින් මගේ ප්‍රතිරූපයට හානියක් සිදුවීම. ඒකට නීතිමය පියවර ගන්න කියල ගොඩක් දෙනෙක් මට කිව්වත් එච්චර ඒ පසුපස එළවන්න මට හිතුනෙ නෑ.